Your Ad Here

Tuesday 8 February 2011

                           Wikipedia The free encyclopedia 
           Wikipedia is    a free encyclopedia in the world .It is a rich source 
of Knowledge.It is started in 2001 January 15  
වර්තමාන ලෝක ජනගහනය බිලියන 6 ද ඉක්මවයි.එයිනුත් විශාල සංඛ්‍යාවක්  අන්තර්ජාලය භාවිත කරති.විශ්ව කොෂය ළමා වැඩිහිටි දෙපක්ෂයටම ප්‍රයෝජනවත් වන්නකි.යම් කිසි තොරතුරක් උදාහරණයක් ලෙස යම් රටක තොරතුරක් දැනගැනීමට අවශ්‍ය වූ විට අප සිදුකරන්නේ විශ්වකෝෂයක පිටුපෙරලා බැලීමය .නමුදු ඊයේ සිදුවූ සිදුවීමක් ඉහත ආකාරයට විශ්වකෝෂයකින් දැනගත නොහැක.එයට හේතුව වන්නේ විශ්වකෝෂ‍‍යේ අන්තර්ගත වන්නේ එය මුද්‍රණයට පෙර තිබූ තොරතුරු වලින් වීමයි.විකිපීඩියාව එයට හොද විසදුමකි .එය නිදහස් විශ්ව කොෂයකි. එය දිනෙන් දින අලුත් වෙයි.අපට යම් ග්‍රන්ථයක් පිළිබදව තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් කළයුත්තේ විකීපීඩියාවට ගොස් සෙවුමක් දැමීමය.එවිට ඒ සම්බන්ධ තොරතුරු රැසක් පැමිණේ.
            එයට තොරතුරු එක්කිරීමට ඔබටද පුලුවන.එමෙන්ම එහි ඇති තොරතුරු සංස්කරණය කිරීමටද ඔබට හැක.මේ ආකාරයට බොහෝ දෙනා ඇතුල්කරන තොරතුරු සංස්කරණය වෙමින් ගොස් අවසානයේ ඉතිරිවන්නේ නිවැරදි තොරතුරු පමණි.මේ අනුව විකිපීඩියාවේ නිරවද්‍යතාව ඉතා ඉහල මට්ටමක පවතී.විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය ආරම්භ කරන ලද්දේ ඇමෙරිකානු ජාතික ජිමි වේල්ස් විසින්
2001 ජනවාරි 15 වැනිදාය.

ජිමි වේල්ස්
       විකිපීඩියාවේ සිංහල ඇතුලු භාෂා 276 කින් තොරතුරු පවතී.විශාල වශයෙන්ම තොරතුරු පවතින්නේ ඉංග්‍රීසි භාෂාවෙන්ය. මිලියන 360 දෙනෙක් විකිපීඩියාව කියවති.සිංහල භාෂාවෙන්ද ලිපි 4500 කට අධික සංඛ්‍යාවක් ඇත.සිංහල භාෂාවෙන් විකිපීඩියාට පිවිසීමට si.wikipedia.org වෙත පිවිසෙන්න.මේ ආකාරයට විකිපීඩියාවට දිනෙන් දින තොරතුරු එක්වෙම්න් පවතී.ඒ අනුව විකිපීඩියාව යනු විශ්ව ගම්මානයට දැනුම් දොරටුවකි
                             www.wikipedia.org
මූලාශ්‍රය- www.lankaspace.tk                                        විශ්ව නවාංජන 

No comments:

Post a Comment